ඔබටත් දැන් නිවසේ සිටම ලොව ප්‍රචලිත Patchwork කලාව ඉගෙන ගැනීමට මෙන්න අවස්ථාවක්.
මෙහිදී Patchwork පිළිබඳව ඇති සෑම කරුණක් ම ඉතා සරල ලෙස පැහැදිලි කරන අතර Patchwork කල හැකි විවිධ ආකාරද මෙමඟින් මුල සිට සරලව කියා දෙයි.
ක්ෂේත්රයේ ප්‍රවීණයන් දෙදෙනෙකු වන ඉෂාර හසීම් හා ශ්‍යාමලී පෙරේරා විසින් නිර්මිත මෙම පාඨමාලාව හැදෑරීමෙන් මෙම කලාව ස්වයං රැකියාවක් ලෙස ඔබ සැමට නිවසේදීම කල හැකි අතර මෙය ඔබට අමතර අදායමක් ලබාගැනීමට ද ඉවහල් වනු ඇත.
ඉෂාරා හසීම්
දැනට පුරා වසර 10ක පමණ කාලයක සිට මම මෙම අත්කම් නිර්මාණ ක්ෂේත්රයේ අත්කම් නිර්මාණ ශිල්පිණියක් හා ගුරුවරියක් හැටියට රැදී සිටිමි. මම මාගේ මෙම දැනුම ලබා ගත්තේ ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිණි ඩේසි විට්ටච්චි මහත්මියගෙනි.
ප්‍රථමයෙන් මෙම අත්කම් නිර්මාණ කලාව මා විනෝදාංශයක් ලෙස ආරම්භ කළ අතර පසුකාලීනව එය මාගේ වෘත්තීය බවට පත්විය. වර්තමානයේ දී මා අත්කම් නිර්මාණ උපදේශිකාවක් ලෙස තනි පුද්ගල හා කණ්ඩායම් වශයෙන් වැඩිහිටියන්ට හා කුඩා දරුවන්ට පංති පවත්වනු ලබයි.
තවද දැනට මම විවිධ අධ්‍යාපන සේවාවන්හි ආයතනය සම`ග අත්වැල් බැදගෙන අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරුවරුන් හා සිසු දරුවන් අත්කම් නිර්මාණ සඳහා පුහුණු කිරීමේ වැඩසටහනක් ද පවත්වාගෙන යන අතර විදේශිකයන් සඳහා ද විශේෂ අත්කම් පංති පවත්වනු ලබයි. තවද විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා ද මා මෙම පංති පවත්වනු බව ප්‍රකාශ කරන්නේ ඉතාම සතුටින්.
ඩේසි විට්ටච්චි මහත්මියගේ අත්කම් ප්‍රදර්ශණ වල "එම්බ්‍රොයිඩරි කුවින්" හා "ආපිකෝ කුයින්" යන සම්මාන ලබා ගැනීම මා ලද භාග්‍යයකි.
මාගේ විශ්වාසයේ හැටියට සෑම කාන්තාවක්ම අත්කම් නිර්මාණ ඉගැන ගැනීම ඔවුන්ගේ අනාගත අභිවෘද්ධයට ඉතාමත් වැදගත් වේ.
ශාමලි පෙරේරා
ශාමලි පෙරේරා තම වෘත්තීය ලෙස අත්කම් නිර්මාණ ශිල්පය ආරම්භ කරනු ලැබුයේ ඇයගේ කුඩා කාලයේ සිටම එම අත්කම් නිර්මාන හා මැහුම් නිර්මාණ කලාව සඳහා තිබූ දැඩි කැමැත්ත හේතුවෙනි. ඇයට උපතින්ම ලැබුනු ඉගැන්වීමේ හැකියාව හා ප්‍රායෝගික දක්ෂතා නිසාම ඇය අන් අයට මෙම නිර්මාණ කලාව ඉැගැන්වීමට හා දායාද කිරීමට දැඩි කැමැත්තක් දක්වයි.
ඉතාම සංයමයකින් හා ඉවසීමකින් යුතුව ඇය අත්කම් නිර්මාණ කලාව, එම්බෝරයිඩරි නිර්මාණ කලාව ආදිය ඉගෙන ගෙන වැඩිපුර කාලයක් ඒවා ප්‍රායෝගිකව පුහුණු වීම සඳහා යොදවා ඒ පිළිබඳ දැනුම පුළුල් කරගෙන ඇත්තේ ලංකාවේ ප්‍රධාන අත්කම් නිර්මාණ පාසලකිනි. ඇයගේ කැපවීම හා උනන්දුව නිසාම ඇය මෙම ක්ෂේත්රයේ බොහෝ සම්මාන ප්‍රමාණයක් ලබාගෙන ඇත. ඇය මෙම ක්ෂේත්රය නිසා ලබා ගත් වරප්‍රසාද පිළිබඳ ඉතාමත් ආඩම්බර වන අතර අන් අයව මෙම ක්ෂේත්රයට යොමු කර ඒ අයට මෙම දැනුම ලබා දීමට මහත් උනන්දුවක් හා කැපවීමක් සිදු කරන්නේ ඉතාමත් කැමැත්තෙනි.