අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ විෂය මාලාවට අයත් විද්‍යාව විෂයය නිර්දේශයේ ඇතුලත් වන විද්‍යාත්මක හේතු පිලිබඳ පැහැදිලි කිරීම මෙම පාඩම් මාලාවේ අන්තර්ගතවේ.
එදිනෙදා ජීවිතයේදී, අවට පරිසරයේ දී ඔබ අත්දකින සිදුවීම්වල විද්‍යාත්මක පැතිකඩ ඉතාමත් නිර්මාණාත්මකව සහ සරලව වැටහෙන ආකාරයෙන් පැහැදිලි කරන මෙම පාඨමාලාව ඔබට මහඟු අත්වැලක් වනු ඇත.
පාඨමාලාවේ අන්තර්ගතය :
1. පෘථිවියේ පවතින පරිසර තත්ත්ව සෑම අතින්ම ජීවීන්ට හිතකර වේ.
2. ශාකවල උඩු අතට ජලය සහ ආහාර පරිවහනය කරයි.
3. දුරකථන හා විදුලි රැහැන් දහවල් කාලයේදී එල්ලා වැටී පවතින අතර රාත්‍රී කාලයේදී හොඳින් ඇදී පවතී.
4. සිසිර ඍතුවේදී අයිස් මිදුණු ජලාශවල පවා ජලජ ජීවීන් ජීවත් වේ.
5. කහ, ඉගුරු වැනි ශාකවල පොළවෙන් මතු පිට ශාක කොටස ඉඩෝරයේදී මියගියද වර්ෂාවෙන් අනතුරුව නැවත වර්ධනය වේ.
6. බීජ ව්‍යාප්තිය සදහා ශාක විවිධ අනුවර්තන දරයි.
7. නිවුන් සොයුරන්ගේ වුවද වෙනස් ඇගිලි සළකුණු පවතී, දෙමාපියන්ගේ ඉස්මතු නොවන ඇතැම් ලක්ෂණ ඔවුන්ගේ දරුවන්ගෙන් ඉස්මතු වේ.
8. ධාරාව ගලන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට ඉලෙක්ට්‍රෝන ගමන් කරයි.
9. ලූණු වල ද්‍රවාංකය හා තාපාංකය ඉතාමත් ඉහල ය.
10. සෝඩියම් මැග්නීසියම් වැනි ලෝහ කිසිදා නිදහස් ලෝහ ලෙස හමුනොවේ.
11. ද්‍රවයක වාෂ්පීකරණය එහි තාපාංකයේදී පමණක් සිදුවුවද, වාෂ්පීභවනය ඕනෑම උෂ්ණත්වයකදී සිදුවිය හැකිය.
12. සාන්ද්‍ර අම්ල තනුක කිරීමේදී අම්ලයට ජලය එකතු කිරීම සිදු නොකරයි.
13. තංග්ස්ටන් සූත්‍රිකා බල්බ යෙදීමට වඩා LED යෙදීම ඵලදායීතාවයෙන් වැඩිය.
14. උෂ්ණත්වය වැඩි වන විට විද්‍යුත් සන්නායකවල සන්නායක ගුණය අඩු වුවද, විද්‍යුත් අර්ධ සන්නායකවල සන්නායක ගුණය වැඩි වේ.
15. මිනිරන් අලෝහයක් වුවත් විද්‍යුතය සන්නයනය කරයි.
16. බස් රථයක් හදිසියේ තිරිංග යෙදුවිට මඟීන් ඉදිරිපසට විසි වේ.