7 ශ්‍රේණිය විද්‍යාව - දෙවන වාරය
By Guru.lk

Category
: Grade 6 - 9
Medium
: SinhalaShare
"අප ලෝකයේ කිසියම් දෙයක් සැලකූ විට විද්‍යාව යනු ඒ හා කුමන ආකාරයකට හෝ බැඳී පවතින්නකි විද්‍යාව තුළින් ඕනෑම දෙයක ඇතිවීම හෝ පැවැත්ම පිළිබඳ මනා වැටහීමක් ලබාගත හැකියි. නිරීක්ෂණ හා අත්හදා බැලීම් තුළින් භෞතික, සමාජීය හා ස්වාභාවික ලෝකවල ව්‍යුහය හා හැසිරීම ක්‍රමානුකූලව අධ්‍යයනය කිරීම, විද්‍යාව යි. එය නව්‍යකරණය, ගෝලීය තරඟකාරීත්වය සහ මානව දියුණුව සඳහා ප්‍රධානම සාධකය වේ. තවද විද්‍යාව ඉගෙනීම තුළින් අපට ළඟා කරගත හැකි නිපුණතා අතරින්, ප්‍රශ්න ඇසීම, තොරතුරු රැස් කිරීම, ගැටලු විසඳීම සහ අප ඉගෙන ගන්නා දේ ක්‍රියාවට නැංවීම වැනි දේ හුවා දැක්විය හැකි යි. එපමණක් නොව අප තුළ විශ්වාසය ගොඩනගාගැනීම, සන්නිවේදන කුසලතා වර්ධනය කිරීම මෙන්ම අප අවට ලෝකය පිළිබඳ මනා වැටහීමක් ඇතිකරලීමෙහිලා විද්‍යාව ප්‍රබල කාර්යයක් ඉටු කරයි. තාක්ෂණය හා විද්‍යාත්මක නිෂ්පාදන රැසක් මැදිකර ගනිමින් වත්මන් ලෝකයේ ජීවත්වන අප ශිෂ්‍ය ශිෂ්යාවන්ල විද්‍යාව දැනුමෙන් සන්නද්ධ වීම බොහෝසෙයින් වැදගත් වන බැවින් guru.lk නිතැතින් වෙර දරන්නේ ඔවුන්හට ඒ සඳහා නිසි අත්වැලක් සැපයීමට යි. 7 ශ්‍රේණිය විද්‍යාව පාසැල් විෂය නිර්දේශයට අනුකූලව සකස් කර ඇති මෙම පාඩම් මාලාවල විෂය කරුණු පැහැදිලි කිරීම්ල ක්‍රියාකාරකම් සහ එදිනෙදා ජීවිතය ආශ්රිත යෙදීම්වලින් සැදුම්ලත්, වඩාත් සජීවී සහ ආකර්ෂණීය වූ වීඩියෝ සහ කෙටි සටහන්වලින් සමන්විත වෙයි."