AutoCAD Architecture

By Guru.lk
In stock
Deliver to my doorstep
LKR 3,990.00  
Category
: Other
Medium
: Sinhala
Share

o AutoDesk ආයතනය මඟින් ගෘහ නිර්මාණ කටයුතු සඳහාම විශේෂයෙන් හඳුන්වාදී ඇති මෙන්ම, ගෘහ සැලසුම් සහ ත්රිමාණ ආකෘති නිර්මාණය කිරීම සඳහා ලොව බහුල වශයෙන්ම භාවිතාවන නවතම මෘදුකාංගයක් ලෙස AutoCAD Architecture හඳුන්වාදීමට පුළුවනි.
AutoCAD Architecture තුලදී, සමාන්ය AutoCAD තුල අපට දැකගත හැකිවන Tools සහ Command වලට අමතරව ගෘහ නිර්මාණ කටයුතු සඳහාම විශේෂිත වූ Tools සහ Command ප්රමාණයක් දැකගත හැකිවීම එහි විශේෂත්වයයි. එමනිසා, සමාන්ය AutoCAD භාවිතයෙන් ගෘහ සැලසුම් සහ ත්රිමාණ ආකෘති නිර්මාණය කරනවාට වඩා ඉතාමත් පහසුවෙන් සහ ඉක්මනින් එම කටයුතු මෙම AutoCAD Architecture මෘදුකාංගය ඔස්සේ සිදුකර ගැනීමේ හැකියාව පවතී.
උදාහරණයක් ලෙස AutoCAD තුලදී Wall ඇඳගැනීම සඳහා අපට Lines දෙකක් භාවිතාකලයුතු වන නමුත්, AutoCAD Architecture තුලදී එය Wall tool එක මඟින් පහසුවෙන් සිදුකරගැනීමට පුලුවනි. මේ ආකාරයෙන් Door, Window, Stairs, Roof, Slabs ආදී ගෘහ නිර්මාණාත්මක කටයුතු සඳහා විශේෂිත වූ Tools විශාල ප්රමාණයක් දැකගත හැකිවෙයි.
අප විසින් හඳුන්වාදී ඇති මෙම පාඨමාලාව ඔස්සේ AutoCAD Architecture පිළිබඳව සියලූම කරුණු එනම්, සැලසුමක් ආරම්භකිරීමේ අවස්ථාවේ සිට, සම්පූර්ණ ත්රිමාණ ආකෘතිය ගොඩනැගීම, ඉන් ද්විමාන සැලැස්ම (Plan) සකස්කරගැනීම, Section සහ Elevation සකස්කර ගැනීම, අවසානයෙහි මුද්රනය කිරීම සඳහා Layout සකස්කරගැනීම ආදී සියලුම කරුණු සහ ශිල්පීය විධික්රම මුල සිට, පිළිවෙලට, නිවැරදි තාක්ෂණානුකූලව අධ්යනය කිරීමට ඔබට හැකියාව ඇත.
මෙහිදී, AutoCAD Architecture භාවිතය පිළිබඳව වූ සියලුම කරුණු සිංහල භාෂාවෙන්, ක්රියාකාරී උදාහරණ භාවිතයෙන් පැහැදිලි කරදෙන අතර, පාඨමාලාව අවසානයෙහි ගෘහ සැලසුම් ශිල්පයෙහි ප්රවීණවකු වීමේ හැකියාව ඔබට ලැබෙනු ඇත.

පාඨමාලාව කා සඳහාද
• ගෘහ නිර්මාණ ක්ෂේත්රයන්හි කටයුතු කරනා ඔබහට
• ගෘහ නිර්මාණ ශිල්පය, ගෘහ සැලසුම් ශිල්පය පිළිබඳව පාඨමාලාවන් හදාරන ඔබහට
• දැනටමත් ගෘහ සැලසුම් ශිලිපියකු ලෙස කටයුතු කරනා නමුත්, තවමත් පරිගණක ආශ්රිතව Drawing නොකරන ඔබ හට.
• පරිගණක ආශ්රිතව Drawing කරන නමුත්, තවමත් ඒ සඳහා සාමාන්ය AutoCAD පමණක් භාවිතා කරනා ඔබහට
• ත්රිමාණ (3D) ගෘහ සැලසුම් සහ ආකෘති නිර්මාණය පිළිබඳව හැදෑරීමට උනන්දු, උවමනා ඔබහට

කලින් දැනගතයුතු දේවල්
• AutoCAD ද්විමාන භාවිතය පිළිබඳව දැණුම අවශ්ය වේ.
• (ඔබට AutoCAD ද්විමාන භාවිතය පිළිබඳව දැණුමක් නොමැතිනම් අපගේ "AutoCAD පාඨමාලාව" හැදෑරීමට පුලුවනි.)
* පාඨමාලාවෙහි පැහැදිලි කිරීම් ප්රධාන වශයෙන් සිංහල භාෂාවෙන් සිදුවුවත් මෘදුකාංගයෙහි ඇති ඉංග්රීසි යෙදුම් ඒ ආකාරයෙන්ම භාවිත වේ.

Course Outline

1. Comparing AutoCAD to AutoCAD Architecture
2. Software Environment
1. Opening AutoCAD Architecture
2. Using the application menu, ribbon, and Quick Access toolbar
3. Understanding the command line
4. Understanding context ribbons
5. Using the palettes
6. Working with the tool palettes
7. Understanding view navigation
8. Understanding selection and modifying basics
9. Understanding drafting settings

3. Using Basic Architectural Objects
1. Adding walls
2. Using the Modify tools with walls
3. Offsetting walls
4. Adding doors and windows
5. Setting wall properties and styles
6. Understanding wall cleanup
7. Cleaning up walls in a drawing
8. Setting door and window styles
9. Working with columns
10. Adding stairs
11. Adding railings
12. Refining plans with other objects

4. Display System and Layers
1. Understanding layer keys
2. Understanding the architectural display
3. Working with direction-dependent displays
4. Working with fixed-view displays
5. Creating custom display configurations
6. Customizing display components

5. Setting Up Projects with the Project Navigator
1. Understanding projects
2. Creating and setting up a project
3. Adding constructs
4. Modifying constructs
5. Adding roofs
6. Adding view files
7. Using callouts to add elevations
8. Using callouts to add sections
9. Adding sheets

6. Modifying Projects
1. Adding elements
2. Updating project files
3. Understanding XREFs
4. Updating sheets and callouts
5. Managing projects

7. Working with Data
1. Using spaces
2. Working with property sets
3. Adding room tags
4. Adding door tags
5. Adding schedules
6. Modifying schedules
7. Exporting and printing schedules

8. Creating Documentation
1. Creating a site plan
2. Converting polylines to slabs
3. Refining elevations and sections
4. Adding material boundaries
5. Refining a floor plan with Annotation & Dimensions
6. Creating ceiling plans
7. Creating a detail callout
8. Placing detail components

9. Output
1. Preparing for output
2. Printing a project
3. Exporting to PDF
4. Exporting project files

10. 3D Views & Materials
1. Rendering a 3D view
2. Changing style materials
3. Using material pallet
4. Using material browser
5. Creating a new material